නව අයිතයමයන් ඇතුලත් කිරීම (Item Register)
පාරිබෝගිකයාගේ බිල්පතට ඇතුලත්වන සියළුම අයිතමයන් බිලක් නිකුත් කිරීමට පලමුව පද්ධතියට ඇතුලත් කර තැබිය යුතුය. එසේ ඇතුලත් කරන සෑම අයිතමයකටම එකිනෙකට වෙනස් හදුනාගැනීමේ කේතයක් තිබීම අනිවාර්ය වේ. මෙම හදුනාගැනීමේ කේතය සදහා අයිතමයෙහි මුද්‍රණය කර ඇති බාකෝඩ් අංකයද භාවිතා කල හැකිය. එලෙස අයිතමයෙහි මුද්‍රණය කර ඇති බාකෝඩ් අංකය භාවිතා කරන්නේ නම් බාකෝඩ් ස්කෑනරයක් භාවිතා කර බිල් පතට ඇතුලත් කිරීම සදහා අයිතමය තෝරාගැනීම ඉතා පහසුවෙන් කල හැකිය. අයිතමයේ හදුනාගැනීමේ කේතය ඇතුලත් කිරීමේදී, භාණ්ඩ වර්ග දෙකක් සදහා එකම හදුනාගැනිමේ කේතය භාවිතා කල නොහැකිය. භාණ්ඩයේ මුද්‍රණය කර ඇති බාකෝඩ් අංකය භාවිතා කල හැකිය. ඔබට කැමති අංක හෝ අකුරු භාවිතා කර එකිනෙකට වෙනස් කේතයන් සකස් කරගත හැකිය. අංක 0000000000 සිට 9999999999 දක්වා ඉලක්කම් 10ක දිගකින් යුතු අංක මෙම කේතය සදහා භාවිතා කල නොහැකිය. (ඉල්ල්ම් 10කට අඩු හෝ වැඩි දිගින් යුතු අංක භාවිතය ගත හැකිය. උදා 1, 2, 001, 1258, 1234567891011 ආදී වශයෙන්) 0000 මෙම කේතය සදහා භාවිතා කල නොහැකිය. * (තරු සලකුණ) මෙම කේතය සදහා භාවිතා කල නොහැකිය. බාකෝඩ් නොමැති අයිතමයන් සදහා හදුනාගැනීමේ කේත සකස් කිරී...