Labtech POS මෘදුකාංගය ස්ථාපනය කිරීමට ප්‍රථමව ඔබ සතුව ඇති පරිඝණකයෙහි Hardware සහ Software පහත සදහන් අවම ශක්‍යතා මට්ටමෙහිවත් ඇතිද යන්න පිළිබදව සැලකිලිමත් වන්න. මෙම අවම ශක්‍යතා මට්ටමට වඩා පහල මට්ටමක ඇති පරිඝණකයක මෘදුකාංගය ස්ථාපනය කලහොත් බලාපොරොත්තු වන වේගය සහ කාර්යක්ෂමතාවය නොලැබීම සිදුවේ. RAM: 4GB (* 8GB Recommended) HDD: 250 GB SSD Processor: Core i3 මෙහෙයුම් පද්ධතිය තෝරාගැනීමේදී පහත සදහන් මෙහෙයුම් පද්ධතීන් සදහා සහයෝගය දක්වයි Windows 7 SP 1 හෝ SP 2 Windows 10 Windows 11 Windows 8, Windows XP or below versions සදහා සහයෝගය නොදැක්වීම හෝ ස්ථාපනයේදී ගැටලු මතුවීම සිදුවේ. එබැවින් Windows 8, Windows XP or below versions සහිත පරිඝණක Windows 7 SP 1 හෝ SP 2, Windows 10, Windows 11 වෙත යාවත්කාලින කරගැනීමෙන් පසුව Labtech POS මෘදුකාංගය ස්ථාපනය කිරීම ආරම්භ කරන්න. පළමු පියවර පළමුව https://www.labtechpos.com වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන්න. ඒ සදහා ඔබගේ නම, දුරකථන අංකය, ඊමේල් ලිපිනය සහ මුරපදයක් (Password) අවශ්‍ය වේ. පහත Link එක මගින් ලියාපදිංච්ය ආරම්භ කරන්න. https://www.labtechpos.com/sign-up/#signup ...