ඇතුලත්ආරම්භක තොග ප්‍රමාණය ඇතුලත්කරගත් පසුව ඔබ විසින් කරන මිලදීගැනීම් ඇතුලත් කර ගැනීම සදහා Transactions > Inventory > Purchasing (GRN) යන්න භාවිතා කල හැකිය. මෙය බිල්පත් නිකුත් කරන වින්ඩෝවට මදක් වෙනස් ලෙස දැකගත හැකිය. එනම් ඔබ විසින් මිලදීගන්නා භාණ්ඩ සදහා අදාල සැපයුම්කරුගෙන් ලැබෙන බිල්පතෙහි සදහන් බිල්පත් අංකය ඇතුලත් කිරීම සදහා Sup. Inv. ලෙස සදහන් තැනක් සහ අදාල සැපයුම්කරු කවුරුන්ද යන්න තෝරාගැනිම සදහා Agent, Distributor ලෙස ස්ථාන දෙකකින්ද සමන්විතය. මෙහි Sup. Inv. ලෙස සදහන් ස්ථානයෙහි අනිවාර්ය දත්තයක් ඇතුලත් කලයුතුය. ඔබ විසින් මිලදීගත් භාණ්ඩ සදහා ඒවැනි බිල්පතක් නොලැබුනේනම් හෝ බිල්පත අස්ථානගතවී ඇත්නම් මෙම Sup. Inv. ලෙස සදහන් ස්ථානයෙහි GRN Number ලෙස සදහන් අංකය ඇතුලත් කරන්න. තවද අදාල සැපයුම්කරු පිළිබදව විස්තර ඇතුලත්කලයුතු නොවේනම් Agent සහ Distributor ලෙස සදහන් ස්ථාන දෙක හිස්ව තබන්න, නැතිනම් Direct Purchasing යන්න තෝරාගන්න. ඔබට නව සැපයුම්කරුවකුගේ විස්තර ඇතුලත් කරගත යුතුනම් Agent ලෙස සදහන් ස්ථනය කෙලවරෙහි ඇති කුඩා තිත් 3ක් සහිත Button එක Click කර අදාල සැපයුම්කරුගේ විස්තර ඇතුලත් කි...