නව අයිතයමයන් ඇතුලත් කිරීම (Item Register)
පාරිබෝගිකයාගේ බිල්පතට ඇතුලත්වන සියළුම අයිතමයන් බිලක් නිකුත් කිරීමට පලමුව පද්ධතියට ඇතුලත් කර තැබිය යුතුය. එසේ ඇතුලත් කරන සෑම අයිතමයකටම එකිනෙකට වෙනස් හදුනාගැනීමේ කේතයක් තිබීම අනිවාර්ය වේ. මෙම හදුනාගැනීමේ කේතය සදහා අයිතමයෙහි මුද්‍රණය කර ඇති බාකෝඩ් අංකයද භාවිතා කල හැකිය. එලෙස අයිතමයෙහි මුද්‍රණය කර ඇති බාකෝඩ් අංකය භාවිතා කරන්නේ නම් බාකෝඩ් ස්කෑනරයක් භාවිතා කර බිල් පතට ඇතුලත් කිරීම සදහා අයිතමය තෝරාගැනීම ඉතා පහසුවෙන් කල හැකිය.
අයිතමයේ හදුනාගැනීමේ කේතය ඇතුලත් කිරීමේදී,
- භාණ්ඩ වර්ග දෙකක් සදහා එකම හදුනාගැනිමේ කේතය භාවිතා කල නොහැකිය.
- භාණ්ඩයේ මුද්‍රණය කර ඇති බාකෝඩ් අංකය භාවිතා කල හැකිය.
- ඔබට කැමති අංක හෝ අකුරු භාවිතා කර එකිනෙකට වෙනස් කේතයන් සකස් කරගත හැකිය.
- අංක 0000000000 සිට 9999999999 දක්වා ඉලක්කම් 10ක දිගකින් යුතු අංක මෙම කේතය සදහා භාවිතා කල නොහැකිය. (ඉල්ල්ම් 10කට අඩු හෝ වැඩි දිගින් යුතු අංක භාවිතය ගත හැකිය. උදා 1, 2, 001, 1258, 1234567891011 ආදී වශයෙන්)
- 0000 මෙම කේතය සදහා භාවිතා කල නොහැකිය.
- * (තරු සලකුණ) මෙම කේතය සදහා භාවිතා කල නොහැකිය.
බාකෝඩ් නොමැති අයිතමයන් සදහා හදුනාගැනීමේ කේත සකස් කිරීම.
මෙහිදී බොහෝ අය සිදු කරනුයේ අයිතමයේ නමට යෙදෙන අකුරු එකක් හෝ දෙකක් සමගින් අගට 1, 2 ලෙස වන ඉල්ලකම් භාවිතා කරමින් හදුනාගැනීමේ කේත සකස්කර ගැනීමයි. එනම්
උදාහරණයක් ලෙස
සුදු සීනි -WS1 හෝ WS ලෙස
රතු සීනි - RS1 හෝ RS ලෙස
නැතිනම් ඔබට අංක මතක තබා ගැනීම පහසු නම් 1, 2, 3, ... ලෙස අංක පමණක් භාවිතා කල හැකිය.
මෙලෙස සෑම අයිතමයක් සදහාම හදුනාගැනීමේ කේතයක් සකස්කරගත් පසුව අයිතමයේ අනෙකුත් විස්තර ඇතුලත් කිරීම පහත පරිදි සිදුකල හැකිය. ඒ සදහා මෘදුකාංගයේ පහත මෙනුවට පිවිසෙන්න.
File > Register > Items > Add New or Update
එහිදී පහත වින්ඩෝව විවෘත වේ.
Item Code: මෙහි අයිතමයේ හදුනාගැනීමේ කේතය ඇතුලත්කල යුතුය. එය බාකෝඩ් අංකයක් හෝ අකුරු ඉලක්කම් එක්තුකර සාදාගත් වෙනත් කේතයක් විය හැකි අතර එය වෙනත් කිසිදු අයිතමයකට භාවිතා නොකල කේතයක් විය යුතුය.
Inactive: අයිතමයක් බිල් කිරීම හෝ අනෙකුත් වාර්ථා වලදී පෙන්වීම වැලැක්විය යුතුනම් මෙය සලකුණු කල යුතුය.
Name (English): බිල්පතෙහි මුද්‍රණය වන නම ඉංග්‍රීසි භාෂාවෙන් මෙහි ඇතුලත් කරන්න.
Barcodes: මුලින් සදහන් කල Item Code යන්නෙහි ඇතුලත් කල කේතයට වඩා වෙනස් වෙනත් බාකෝඩ් අංක හෝ කේත මෙහි ඇතුලත් කල හැකිය. උපරිමව කේත 4ක් ඇතුලත් කල හැකිය.
Category 1: අයිතමයන් ඛාණ්ඩ කිරීම මෙහි සිදුකල හැකිය. මෙය ඇතුලත් කිරීම අනිවාර්ය වේ. මෙලෙස් වර්ගකිරීම මගින් ඔබගේ දෛනික හෝ මාසික වාර්ථා අදාල ඛාණ්ඩ වලට වෙන්කිරීම පහසුවෙන් සිදුකල හැකිය.
Category 2: Category 1 තවදුරටත් අනුඛාණ්ඩ වලට වෙන්කිරීම සිදුකල හැකිය.
Category 3: Category 2 තවදුරටත් අනුඛාණ්ඩ වලට වෙන්කිරීම සිදුකල හැකිය.
Category 4: Category 3 තවදුරටත් අනුඛාණ්ඩ වලට වෙන්කිරීම සිදුකල හැකිය.
Category 5: Category 4 තවදුරටත් අනුඛාණ්ඩ වලට වෙන්කිරීම සිදුකල හැකිය.
Measuring Unit: අයිතමයෙහි මිණුම් ඒකකය සදහන් කරන්න
Expire Date: ඇතුලත් කරන අයිතමටය කල් ඉකුත්වීමේ දිනයක් ඇතුලත් කරන්නේ නම් මෙය සලකුණු කරන්න. මෙය සලකුණු කල පසුව තොග ඇතුලත් කිරීමේදී සහ බිල්පත් නිකුත් කිරීමේදී කල් ඉකුත්වීමේ දිනය තෝරා ගත යුතුය.
Main Currency: අයිතමයේ විකිණුම් මුදල් වර්ගය සදහන් කරන්න
IMEI/Serial: ඇතුලත් කරන භාණ්ඩය සදහා IMEI අංක හෝ Serial අංක ඇත්නම් මෙය සලකුණු කරන්න. ජංගම දුරකථන සදහා මෙය සලකුණු කල යුතුය.
Reorder Level: භාණ්ඩ සදහා පවත්වාගන්නා අවම තොග ප්‍රමාණය මෙහි ඇතුලත් කරන්න
Fixed Price: භාණ්ඩය සදහා වට්ටම් ලබා නොදෙන්නේ නම් මෙය සලකුණු කරන්න
Best Before: කල් ඉකුත්වන භාණ්ඩයක් නම් එය කල් ඉකුත්වීමට පෙර
Pack Size: අදාල භාණ්ඩය Pack එකක් ලෙස පවතී නම් එහි ඇතුලත උප අයිතමයන් කොපමණ තිබේද යන්න මෙහි සදහන් කරන්න.
Agent: අදාල භාණ්ඩයේ ප්‍රධාන සැපයුම්කරු මෙහි තෝරන්න
Distributor: අදාල භාණ්ඩයේ ප්‍රධාන බෙදාහැරීමේ නියෝජිතයා මෙහි තෝරන්න
Store Location: අදාල භාණ්ඩය ගබඩාකර ඇති ස්ථානයේ සංකේතය මෙහි ඇතුලත් කරන්න
Type: මෙහි වර්ග 2ක් ඇතුලක්කර ඇත. එනම් General සහ Virtual යන වර්ග දෙකයි. එයින් General යන වර්ගය තෝරාගැනීම සිදුකල යුත්තේ ඇතුලත් කරන භාණ්ඩය තොග කළමණාකරණය කල හැකි භාණ්ඩයක්නම් පමණි. Virtual යන වර්ගය තෝරාගැනීම සිදුකල යුත්තේ සේවාවන් සදහාය. එනම් ඔබ Photo Copy, Printouts ආදිය අයිතමයක් ලෙස පද්ධතියට ඇතුලත් කරන්නේ නම් ඒවා Virtual යන වර්ගයෙන් තබාගත යුතුය. එවිට එම අයිතමයන් තොග ඇතුලත් කිරීමක් සිදු නොකර බිල්කිරීම සිදුකල හැකිය
Name (Sinhala): අයිතමයෙහි නම සිංහල භාෂාවෙන් ඇතුලත් කරන්න. මෙහිදී Font Style එක වනුයේ FMBindumathi
Name (Tamil): අයිතමයෙහි නම දෙමළ භාෂාවෙන් ඇතුලත් කරන්න. මෙහිදී Font Style එක වනුයේ Bamini
Profit: අයිතමයෙහි ලාභය ගණනය කිරීම සිදුකරන ආකාර 3ක් මෙහි ඇත. එනම් By Cost Price, By Sales Price, Custom. ඔබ By Cost Price යන්න තෝරාගතහොත් අදාල භාණ්ඩයට තොග ඇතුලත් කිරීමේදී ඔබට ඇතුලත් කල හැක්කේ අදාල භාණ්ඩයේ නිෂ්පාදකයාගේ මිල පමණි. එම මිලට Margin යන්නහෙි සදහන් කරන % පද්ධතිය මගින් ගණනය කර විකිණුම් මිල ස්ව්‍යංක්‍රීයව සකස්කර ගනු ලබයි. By Sales Price යන්න තෝරාගතහොත් අදාල
භාණ්ඩයට තොග ඇතුලත් කිරීමේදී ඔබට ඇතුලත් කල හැක්කේ අදාල භාණ්ඩයේ උපරිම සිල්ලර මිල පමණි. එම මිලට Margin යන්නහෙි සදහන් කරන % පද්ධතිය මගින්
ගණනය කර Cost Price ස්ව්‍යංක්‍රීයව සකස්කර ගනු ලබයි. Custom යන්න තෝරාගතහොත් ඔබට කැමති ඕනෑම ආකාරයකට මිලගණන් ඇතුලත් කිරීම සිදුකල හැකිය
Margin: මෙය ඉහත සදහන් කල Profit යන්නෙහි තෝරාගැනීම සමග සම්බන්ද වේ.
Manufacturer: අදාල භාණ්ඩයේ නිශ්පාදකයා මෙහි ඇතුලත් කරන්න
Generic Name: ඇතුලත් කරණ අයිතමය බෙහෙත් වර්ගයක් නම් මෙහි ඇතුලත් කරන්න
Remarks: ඉහත සදහන් නොවන වෙනත් ඕනෑම විස්තරයකි මෙහි ඇතුලත් කල හැකිය
Cost: අදාල අයිතමයට සැපයුම්කරු විසින් නියමකල වටිනාකම හෙවත් ඔබ භාණ්ඩය වෙනුවෙන් සැපයුම්කරුට ගෙවන මුදල
RT: අදාල අයිතමයෙහි උපරිම සිල්ලර මිල හෙවත් විකිණුම් මිල
Min Price: අයිතමය බිල් කිරීමේදී මිල අඩුකල හැකි අවම සීමාව
Max Price: අයිතමය බිල් කිරීමේදී මිල වැඩිකල හැකි උපරිම සීමාව
