Labtech POS මෘදුකාංගය ස්ථාපනය කිරීම
Labtech POS මෘදුකාංගය ස්ථාපනය කිරීමට ප්‍රථමව ඔබ සතුව ඇති පරිඝණකයෙහි Hardware සහ Software පහත සදහන් අවම ශක්‍යතා මට්ටමෙහිවත් ඇතිද යන්න පිළිබදව සැලකිලිමත් වන්න. මෙම අවම ශක්‍යතා මට්ටමට වඩා පහල මට්ටමක ඇති පරිඝණකයක මෘදුකාංගය ස්ථාපනය කලහොත් බලාපොරොත්තු වන වේගය සහ කාර්යක්ෂමතාවය නොලැබීම සිදුවේ.
- RAM: 4GB (* 8GB Recommended)
- HDD: 250 GB SSD
- Processor: Core i3
මෙහෙයුම් පද්ධතිය තෝරාගැනීමේදී පහත සදහන් මෙහෙයුම් පද්ධතීන් සදහා සහයෝගය දක්වයි
- Windows 7 SP 1 හෝ SP 2
- Windows 10
- Windows 11
Windows 8, Windows XP or below versions සදහා සහයෝගය නොදැක්වීම හෝ ස්ථාපනයේදී ගැටලු මතුවීම සිදුවේ. එබැවින් Windows 8, Windows XP or below versions සහිත පරිඝණක Windows 7 SP 1 හෝ SP 2, Windows 10, Windows 11 වෙත යාවත්කාලින කරගැනීමෙන් පසුව Labtech POS මෘදුකාංගය ස්ථාපනය කිරීම ආරම්භ කරන්න.
පළමු පියවර
පළමුව https://www.labtechpos.com වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන්න. ඒ සදහා ඔබගේ නම, දුරකථන අංකය, ඊමේල් ලිපිනය සහ මුරපදයක් (Password) අවශ්‍ය වේ. පහත Link එක මගින් ලියාපදිංච්ය ආරම්භ කරන්න.
https://www.labtechpos.com/sign-up/#signup
මෙම Link එක Click කල පසුව ලියාපදිංචි වීමේ වෙබ් පිටුව පහත පරිදි දැකගත හැකිය.
එහි Enter your email address ලෙස සදහන් ස්ථානයෙහි ඔබගේ ඊමේල් ලිපිනය නිවැරදිව ඇතුලත් කරන්න
ඉන් පසුව ඇති Enter your mobile number ලෙස සදහන් ස්ථානයෙහි ඔබගේ ජංගම දුරකථන අංකය 07 ලෙස ආරම්භ කර ඇතුලත් කරන්න. මෙයට +94 හෝ 0094 ආදීලෙස Country Code ඇතුලත් කිරීම අවශ්‍ය නොව්. මෙම දුරකථන අංකයට ගිණුම සක්‍රීය කිරීමේ කේතය කෙටි පණිවිඩයක් මගින් ලැබෙන බැවින් නිවැරදි ජංගම දුරකථන අංකයක් පමණක් ඇතුලත් කරන්න.
ඉන් පසුව Enter you name ලෙස සදහන් ස්ථානයෙහි ඔබගේ නම හෝ ව්‍යාපාරයේ නම ඇතුලත් කරන්න.
ඉන් පසුව ඇති Enter a password සහ Repeat above password here ලෙස සදහන් ස්ථාන දෙකෙහිම එකම මුර පදය ඇතුලත් කරන්න. මෙම මුරපදය ඔබට පසුව වෙනස් කල හැකිය.
මුරපදය ඇතුලත්කල තැනට පහලින් ඇති
By Signing-up you agree to our Privacy Policy and Terms of Use
යන්න ඉදිරියෙන් ඇති Check Box එක Click කරන්න. මෙමගින් ඔබ Labtech POS ආයතනයෙහි නීති රීති සහ කොන්දේසිවලට අදාලව පමණක් මෙම වෙබ් අඩවිය සහ මෘදුකාංගය බාවිතා කරන බවට එකගවීමට කැමැත්ත පලකිරීම සිදු කරයි.
අවසාන පියවරෙහිදී ඔබට අංක 4ක් සහිත Verification Code එකක් දැකගත හැකිය. එය ඒ සමගම ඇති Enter verification code ලෙස සදහන් ස්ථානයෙහි ඇතුලත් කර ඊට පහතින් ඇති Sign Up මත ක්ලික් කරන්න.
සියළු විස්තර නිවැරදිව ඇතුලත් කර ඇත්නම් ඔබගේ ජංගම දුරකතනයට සහ ඊමේල් ලිපිනය වෙත OTP අංකයක් සහිත කෙටි පණිවිඩයක් සහ ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත. එසේ නොවේ නම් වරද ඇති ස්ථානය කුමක්ද යන්න මෙම වෙබ් පිටුවෙහි ඉහලින්ම පෙන්වයි. එය නිවැරදි කර නැවත උත්සහා කරමින් නිවැරදිව ලියාපදිංචිය සිදුකර ගන්න. එක් ඊමේල් ලිපිනයක් භාවිත කල හැක්කේ එක් ගිණුමක් සදහා පමණි. ඔබට ඔබගේ ව්‍යාපාර කිහිපයක් සදහා මෘදුකාංගය භාවිතා කල යුතු නම් ඒ සදහා වෙන වෙනම ඊමේල් ලිපිනයන් භාවිතා කරමින් ලියාපදිංචි විය යුතුය.
ඔබට ලැබුන OTP අංකය ඉන් පසුව ඔබට දක්නට ලැබෙන වෙබ් පිටුවෙහි Enter activation code ලෙස සදහන් ස්ථානයට එය ඇතුලත් කර එයට පහලින් ඇති ඉලක්කම් 4කින් යුතු Verification code එකද නිවැරදිව ඇතුලත් කර Activate My Account මත Click කරන්න.
ජංගම දුරකථන ජාලවල පවතින කාර්යබහුලත්වය නිසා හෝ වෙනත් හේතුවක් නිසා OTP අංකය ඔබ ඇතුලත් කල ජංගම දුරකථන අංකයට නොලැබුනේ නම් මෙහි ඇති Resend Activation Code මත Click කර නැවත ලබාගැනීමට උත්සාහ කල හැකිය.
ඔබ නිවැරදිව OTP අංකය ඇතුලත් කලේ නම් මීලග පියවර ලෙස ඔබගේ ව්‍යාපාරයෙහි විස්තර ඇතුලත් කරන My Business Profile වෙබ් පිටුව දැකගත හැකිය. එහි ඔබගේ ව්‍යාපාරයෙහි නම, ලිපිනය, දුරකතන අංකය ආදී විස්තර ඇතුලත් කර එහි පහලින්ම ඇති Update Business Profile මත Click කර ලියාපදිංචිය සම්පූරණ කරන්න.
දෙවන පියවර
ඉහත ආකාරයට ලියාපදිංචිය සම්පූරණ කල පසුව Labtech POS මෘදුකාංගය සක්‍රීය කිරීම සදහා අවශ්‍ය වන License Key file එක පහත Link එක මගින් ඔබට Download කරගත හැකිය. මෙම License Key file එක මෘදුකාංගය සක්‍රීය කර ගැනීම සදහා Download කර ගැනීම අනිවාර්ය වේ.
https://www.labtechpos.com/my-account/
තෙවන පියවර
Labtech POS මෘදුකාංගය සහ එයට අවශ්‍ය අනෙකුත් සියලු components පහත වෙබ් පිටුවෙන් download කරගත හැකිය.
https://www.labtechpos.com/download/
හතරවන පියවර
පහත පිලිවෙලින් මෘදුකාංගය සහ අනෙකුත් components install කරන්න.
ඔබගේ පරිඝණකයෙහි ඇති මෙහෙයුම් පද්ධතිය Windows 7 නම්
.Net Framework 4.0 පළමුව Install කරන්න
ඉන් පසුව .Net Framework 4.6.1 Install කරන්න
මෙයට හේතුව නම් .Net Framework 4.0 සහ .Net Framework 4.6.1 Windows 7 මෙහෙයුම් පද්ධතියට පිටතින් ඇතුලත් කල යුතු Component දෙකකි. නමුත් Windows 10 සහ Windows 11 සදහා මෙම Component Install කිරීම අවශ්‍ය නොවේ. එය මෙහෙයුම් පද්ධතිය තුලම පිහිටවා ඇත.
ඉන් පසුව Visual C++ Runtime 2015 Install කරන්න
ඉන් පසුව SAP Crystal Reports 13.0.30 Install කරන්න
ඉහත පියවරවල් අවසන් වූ පසුව SQL Server මෘදුකාංගය ස්ථාපනය කල යුතුය. මෙය අනෙකුත් මෘදුකාංග Install කරන ආකාරයකට වඩා තරමක වෙනස් ආකාරයක් ගනී. අවම වශයෙන් SQL Server මෘදුකාංගයෙහි 2005 සංස්කරණය වත් Install කල යුතුය.
අවසන් වශයෙන් Labtech POS මෘදුකාංගය Install කරන්න.
මෙම මෘදුකාංග සියල්ල නිවැරදිව ස්ථාපනය කල පසුව Desktop එකෙහි Labtech POS Icon එක දැකගත හැකිය. එය Double Click කර Open කරන්න.
පළමු වරට Labtech POS මෘදුකාංගය විවෘත කිරීමේදී පහත සදහන් පරිදි Database Setup වින්ඩෝව දැකගත හැකිය. මෙම වින්ඩෝව මගින් ඔබගේ පරිඝණකයෙහි හෝ Network එකට සම්බන්ද වෙනත් පරිඝණකයක ඇති SQL Server Database මෘදුකාංගය හා සම්බන්ද වීමට අවශ්‍ය දත්ත ලබාදීම සිදුකල හැකිය.
මෙහි විස්තර පහත පරිදි ඇතුලත් කරන්න
Action: Labtech POS මෘදුකාංගය සමග SQL Server Database Service එක සම්බන්ද කරන ආකාර දෙකින් එකක් මෙහි තෝරන්න. දැනට ඔබගේ පරිඝණකයෙහි හෝ Network එකෙහි ඇති පරිඝණකයක Labtech POS මෘදුකාංගයට අවශ්‍ය SQL Server Database එකක් ඇත්නම් මෙහි Connect to existing database යන්න තෝරන්න. එසේ නොමැතිනම් අලුතින්ම SQL Server Database එකක් Create කර ගැනීම සදහා Create New Database යන්න තෝරන්න.
Server Type: SQL Server Database Service එක SQL Server සහ SQL Express ලෙස ආකාර දෙකකින් පවතී. මෙහි ඔබ භාවිතා කරන SQL Server Database Service Type එක තෝරන්න.
Server Path: SQL Server Database Service එක ඔබගේ පරිඝණකයෙහිම ස්ථාපනය කර ඇත්නම් මෙය වෙනස් කිරීම අවශ්‍ය නොවේ. එය Network එකෙහි ඇති වෙනත් පරිඝණකයක ස්ථාපනය කර ඇත්නම් එම පරිඝනකයෙහි නම මෙහි ඇතුලත් කල යුතුය.
SQL User: SQL Server Database Service එකට අදාල User Name එක මෙහි ඇතුලත් කරන්න. මෙහි සම්මත සැකසුම sa වේ.
SQL Password: SQL Server Database Service එකට අදාල Password එක නිවැරදිව ඇතුලත් කරන්න
Database: මෙය ඇතුලත් කල යුත්තේ SQL Server Database එක ඔබගේ පරිඝණකයෙහි හෝ Network එකෙහි හෝ නොමැතිව අන්තර්ජාලය හරහා සම්බන්ද කරගත හැකි වෙනත් Cloud Computer එකක ඇත්නම් පමණි.
Location and Financial Year
Company: මෙය C1 ලෙස තබන්න
Branch: මෙය B1 ලෙස තබන්න
Terminal: මෙමගින් Network එකෙහි ඇති පරිඝණක එකිනෙක වෙන්කර හදුනාගැනීම සිදුකරනු ලබයි. එබැවින් ඔබ Labtech POS මෘදුකාංගය Network එකෙහි පරිඝණක කිහිපයක ස්ථාපනය කර ඇත්නම් එම පරිඝණක එකිනෙක වෙන්කර හදුනාගැනීම සදහා T1, T2, T3,... ලෙස වෙනස් අගයන් එකිනෙක පරිඝණක සදහා තෝරාගන්න.
Financial Year: මෙය තෝරාගැනීම අවශ්‍ය වනුයේ ඔබ දැනටමත් ස්ථාපනය කර ඇති SQL Server Database එකකට Labtech POS මෘදුකාංගය සම්බන්ද කරන්නේ නම් පමණි.
Database: මෙය තෝරාගැනීම අවශ්‍ය වනුයේ ඔබ දැනටමත් ස්ථාපනය කර ඇති SQL Server Database එකකට Labtech POS මෘදුකාංගය සම්බන්ද කරන්නේ නම් පමණි.
ඉහත සැකසුම් නිවැරදිව තෝරාගත් පසුව Test Connection Button එක Click කර එම සැකසුම් නිවැරදිද යන්න තහවුරු කරගන්න. එම සැකසුම් නිවැරදි නම් Save Button එක Click කර Labtech POS මෘදුකාංගයට SQL Server Database එක සම්බන්ද කිරීම තහවුරු කරන්න. මෙම පියවර කිහිපය අනුගමනය කල යුත්තේ මෘදුකාංගය අලුතින් ස්ථාපනය කල පරිඝනක සදහා පමණි.
ඔබ මෙම Database Setup වින්ඩෝවෙහි Action එක සදහා Create New Database යන්න තෝරාගෙන තිබුනි නම් පහත සදහන් පරිදි License Key File එක තෝරාගැනීම සදහා වන Dialog Box එක මීලගට දැකගත හැකිය. එහි Import key.txt මත Click කර ඔබ ඉහතින් Download කරගත් key.txt file එක තෝරාගන්න. ඉන් පසුව Activate Button එක Click කර මෘදුකාංගය සක්‍රීය කිරීම අවසන් කල හැකිය.
ඉහත සදහන් අදියරෙන් පසුව හෝ ඔබ මෙම Database Setup වින්ඩෝවෙහි Action එක සදහා Connect to existing database යන්න තෝරාගෙන තිබුනි නම් මෘදුකාංගය භාවිතා කිරීම සදහා Username එක සහ Password එක ඇතුලත් කරන Login Window එක පහත පරිදි විවෘත වේ.
මෙහි Username සහ Password සදහා admin යන්න ඇතුලත් කර Login Button එක Click කරන්න.
මෙහි admin ලෙස ඇතුලත් කරන Username එක ඔබට Labtech POS මෘදුකාංගයෙහි ඇති මූලිකම සහ සියළුම පහසුකම් සහිත Main User Account එක වේ. ඔබට මෙහි Password එක පසුව වෙනස් කල හැකිය. Login Button එක Click කල පසුව Labtech POS මෘදුකාංගයෙහි Main Interface එක දිස්වන අතර ඔබ මුල්වරට මෙම මෘදුකාංගය ස්ථාපනය කල විටදී පමණක් Open වන Advanced Settings Window එක දැකගත හැකිය.
එහි පහතින්ම ඇති Save Button එක මත Click කර තත්පර කිහිපයකින් නැවත දක්නට ලැබෙන Confirmation Message එකෙහි Yes යන්න Click කරන්න. ඉන් පසුව මූලික සැකසුම් සියල්ල නිවැරදිව Save වූ බවත් Labtech POS මෘදුකාංගය Restart වන බවත් දැක්වෙන පණිවිඩයක් දිස් වනු ඇත. එය OK කරන්න. දැන් Labtech POS මෘදුකාංගය නැවත විවෘත වී ඉහත පරිදි Login Window එක නැවත දැකගත හැකිය. එහි කලින් පරිදිම Username සහ Password සදහා admin යන්න ඇතුලත් කර Login Button එක Click කරන්න.
මෙම අදියරෙන් පසුව Labtech POS මෘදුකාංගය ස්ථාපනය අවසන් වන අතර බිල්පත් නිකුත් කිරීම ආරම්භ කිරීම සදහා අවශ්‍ය වන අනෙකුත් දත්ත ඇතුලත් කිරීම ආරම්භ කල හැකිය.