මිලදී ගැනීම් ඇතුලත් කිරීම (Purchasing)

ඇතුලත්ආරම්භක තොග ප්‍රමාණය ඇතුලත්කරගත් පසුව ඔබ විසින් කරන මිලදීගැනීම් ඇතුලත් කර ගැනීම සදහා Transactions > Inventory > Purchasing (GRN) යන්න භාවිතා කල හැකිය.


 මෙය බිල්පත් නිකුත් කරන වින්ඩෝවට මදක් වෙනස් ලෙස දැකගත හැකිය. එනම් ඔබ විසින් මිලදීගන්නා භාණ්ඩ සදහා අදාල සැපයුම්කරුගෙන් ලැබෙන බිල්පතෙහි සදහන් බිල්පත් අංකය ඇතුලත් කිරීම සදහා Sup. Inv. ලෙස සදහන් තැනක් සහ අදාල සැපයුම්කරු කවුරුන්ද යන්න තෝරාගැනිම සදහා Agent, Distributor ලෙස ස්ථාන දෙකකින්ද සමන්විතය.  මෙහි Sup. Inv. ලෙස සදහන් ස්ථානයෙහි අනිවාර්ය දත්තයක් ඇතුලත් කලයුතුය. ඔබ විසින් මිලදීගත් භාණ්ඩ සදහා ඒවැනි බිල්පතක් නොලැබුනේනම් හෝ බිල්පත අස්ථානගතවී ඇත්නම් මෙම Sup. Inv. ලෙස සදහන් ස්ථානයෙහි GRN Number ලෙස සදහන් අංකය ඇතුලත් කරන්න. තවද අදාල සැපයුම්කරු පිළිබදව විස්තර ඇතුලත්කලයුතු නොවේනම් Agent සහ Distributor ලෙස සදහන් ස්ථාන දෙක හිස්ව තබන්න, නැතිනම් Direct Purchasing යන්න තෝරාගන්න. ඔබට නව සැපයුම්කරුවකුගේ විස්තර ඇතුලත් කරගත යුතුනම් Agent ලෙස සදහන් ස්ථනය කෙලවරෙහි ඇති කුඩා තිත් 3ක් සහිත Button එක Click කර අදාල සැපයුම්කරුගේ විස්තර ඇතුලත් කිරිම කල හැකිය.

මෙහි PO ලෙස සදහන්ව ඇත්තේ ඔබ විසින් දැනටමත් අදාල සැපයුම්කරු වෙත Labtech POS මෘදුකාංගය මගින් Purchase Order එකක් සකස්කර ඇත්නම් එහි අංකය ඇතුලත් කර එම Purchase Order එක Purchasing Window එකට Import කර ගැනීම සදහාය.

භාණ්ඩ මිලදීගත් නව බිල්පතක් ඇතුලත් කරගැනීම සදහා පළමුව මිලදීගත් දිනය නිවැරදිව තෝරාගෙන බිල්පත් අංකය Sup. Inv. ලෙස සදහන් ස්ථානයෙහි ඇතුලත් කරන්න. Agent ලෙස සදහන් ස්ථානයෙහි අදාල සැපයුම්කරු තෝරාගන්න. ඉන් පසුව ඔබට මිලදීගත් භාණ්ඩ එකින් එක බිල්පතට ඇතුලත් කල හැකිය.

අයිතමයන් තෝරාගැනීම සදහා Item Code, Barcode යන ඔනෑම ඒකක් බාවිතා කල හැකිය. අයිතමය තෝරාගත් පසුව Enter Key ඒක ඒක් වරක් Press කරන්න. ඒවිට ඔබ අදාල අයිතමය නිවැරදිව ඇතුලත් කර ඇත්නම් තෝරාගත් අයිතමයේ නම Name ලෙස සදහන් ස්ථානයෙහි දැකගත හැකිය.

ඉන් පසුව QTY ලෙස සදහන් ස්ථානයෙහි ඔබ විසින් මිලදීගත් භාණ්ඩ ප්‍රමාණය ඇතුලත් කරන්න. මෙය උපරිම දශමස්ථාන 3ක් දක්වා ඇතුලත් කල හැකිය. ඔබ මිලදීගත් භාණ්ඩ සදහා නොමිලේ ලබාදුන් අයිතමයන් (Free Issues) ඇත්නම් ඒවායෙහි ප්‍රමාණය Free ලෙස සදහන් ස්ථානයෙහි ඇතුලත් කරන්න.

අදාල භාණ්ඩය සදහා සැපයුම්කරු විසින් බිල්පතෙහි සදහන් කර ඇති මිල GRN Price ලෙස සදහන් ස්ථානයෙහි ඇතුලත් කරන්න.

ඉන් පසුව MR ලෙස සදහන් ස්ථානයෙහි අදාල අයිතමය සදහා වට්ටමක් ලබාදී ඇත්නම් ඒය ඇතුලත් කල හැකිය. ඒම වට්ටම ලබා දීම % ලෙස හෝ Rs යන දෙයාකාරයෙන් තෝරාගෙන අදාල වට්ටම් අගය ඉන් පහල ස්ථානයෙහි ඇතුලත් කරන්න. දැන් ඔබට Cost ලෙස සදහන් ස්ථානයෙහි අදාල භාණ්ඩය ඔබට ලැබනෙ හරි වටිනාකම (Actual Cost) පෙන්වයි. MR අගය 0 ඇති විටදී GRN Price සහ Cost යන දෙකම ඒකම අගයක් පෙන්වයි.

මෙහි RT ලෙස සදහන් ස්ථානයෙහි භාණ්ඩයෙහි විකිණුම් මිලත්, Minimum ලෙස සදහන් ස්ථානයෙහි අදාල භාණ්ඩය සදහා අවම විකිණුම් මිලත් ඇතුලත් කල හැකිය.

ඔබ විසින් Retail Price ඒකට අමතරව අනෙකුත් Prices සක්‍රීය කර ඇත්නම් ඒවා ඉන් පසුව ඇති ස්ථානවල ඇතුලත් කර Enter Key ඒක Press කරන්න.

දැන් ඔබ ඇතුලත් කල භාණ්ඩය අදාල ප්‍රමාණයනේ සහ අදාල මිල ගණන් වලින් GRN Window ඒකට ඇතුලත් වී ඇති බව පහලින් ඇති Grid ඒක තුල පෙන්වයි.

මේ ආකාරය අදාල බිල්පතෙහි ඇති සියළුම අයිතමයන් අදාල ප්‍රමාණ සහ මිලගණන් යටතේ GRN ඒකට ඇතුලත් කර ගන්න.

අවසානයට Save Button ඒක Click කිරීම මගින් ඔබ ඇතුලත් කල අයිතමයන් සියල්ල Stock ඒකට ඒකතු වීම සිදුවේ.


Popular posts from this blog

Labtech POS මෘදුකාංගය ස්ථාපනය කිරීම

ආරම්භක තොග ප්‍රමාණය ඇතුලත් කිරීම (Opening Stock)