ආරම්භක තොග ප්‍රමාණය ඇතුලත් කිරීම (Opening Stock)
ඔබ සතුව දැනට යම් භාණ්ඩ ප්‍රමාණයක් ඇත්නම් ඒය මෘදුකාංගයට ඇතුලත් කර ගැනීම මුලින්ම කල යුතුය. මෙම ආරම්භක තොග ප්‍රමාණය මිලදීගැනීමක් (Purchasing) ලෙස ඇතුලත් කිරීම කල නොහැකිය. මන්ද යත් ඒම භාණ්ඩ මිලදීගත් දිනයන් සහ මිලදීගත් ප්‍රමාණයන් පිලිබදව සදහනක් ඔබ සතුව දැනට නොතිබිය හැකි බැවිනි. තවද මිලදීගත් භාණ්ඩ වලින් කොටසක් විකිණී තිබිය හැකි නිසා තොග මිලදී ගැනීමක් (Purchasing) ලෙස නිවැරදිව මෘදුකාංගයට ඇතුලත් කිරීමට ගැටලු ඇතිවේ. මෙම සියළු ගැටලු වලට විසදුමක් ලෙස ඔබ සතුව දැනට ඇති තොග ප්‍රමාණය Transactions > Inventory > Opening Stock මගින් ආරම්භක තොග ප්‍රමාණයක් ලෙස මෘදුකාංගයට ඇතුලත් කල හැකිය. මෙහිදී පහත පරිදි Opening Stock වින්ඩෝව දැකගත හැකිය.
එහි
OST #: සෑම ආරම්භක තොග ඇතුලත් කිරීමකටම Transaction Number එකක් මෘදුකාංගය මගින් ලබා දේ. මෙය එකින් ඒක වැඩිවන ස්ව්‍යංක්‍රිය අනුයාත අංක මාලාවක් ලෙස පවතී. පලමුව ඇතුලත් කරන දත්ත අංක 1 ඔස්සේද, ඉන් පසුව අංක 2, 3, 4, ... ආදී වශයෙන් මීලග අංකය සමගින් Save වීම සිදු වේ. ආරම්භක තොග ප්‍රමාණය ඇතුලත් කිරීම ඒකම Transaction Number ඒකක් යටතේ සිදුකල යුතු නැත. වාර කිහිපයකදී Transaction Numbers කිහිපයක් යටතේ උවද ආරම්භක තොග ඇතුලත් කිරීම කල හැකිය.
Date: මෙය ආරම්භක තොග ඇතුලත් කල දිනයයි. මෙහිදී සෑම විටම නිවැරදි දිනය යොදන්න.
එයට පහලින් ආරම්භක තොගයෙහි ඇති අයිතමයන් එකින් ඒක Item Code මගින් හෝ Item Name එක මගින් තෝරාගෙන එහි මිල ගණන්, කල් ඉකුත්වීමේ දිනයක් ඇත්නම් ඒවාද සමගින් ඇතුලත් කල හැකිය. අයිතමයන් සියල්ල ඇතුලත් කල පසුව Save ලෙස සදහන් Button ඒක Click කරන්න.
