බිල්පත් නිකුත් කිරීම (Invoicing)
අයිතමයන්ගේ විස්තර ඇතුලත් කිරීමෙන් පසුව එම අයිතමයන් සදහා ඇති තොග ප්‍රමාණයන් ඇතුලත් කර හෝ නොකර බිල්පත් නිකුත් කිරීම ආරම්භ කල හැකිය. ඒ සදහා Transactions > Inventory > General Invoicing යන්න තෝරාගන්න. එහිදී පහත පරිදි Invoicing Window එක දැකගත හැකිය.
එහි පළමුව ඇති Invoice Number එක ස්ව්‍යංක්‍රීයව මෘදුකාංගය මගින් ලබාදෙන බිල්පත් අංකයයි එය අප විසින් වෙනස්කල යුතු නොවන අතර සෑම බිල්පතකටම එකිනෙකට වෙනස් බිල්පත් අංකයක් මෘදුකාංගය මගින් නිකුත් කරනු ලබයි. මෙය පාරිභෝගිකයාගේ බිල්පතෙහි මුද්‍රණය වන බිල්පත් අංකය වේ. මෙම බිල්පත් අංකයට දකුණු පසින් කොළ පැහැති පසුබිමක A අකුරක් දක්නට ලැබේ. මෙය බිල්පත Cancel කර ඇති හෝ නැති බව පෙන්වීමට යොදාගනු ලැබේ. එනම් බිල්පත් අංකයට දකුණු පසින් ඇති කුඩා කොටුව තුල කොළ පැහැති පසුබිමක A අකුරක් දිස්වේ නම් බිල්පත සක්‍රීය බිල්පතක් බවත් එසේත් නොමැතිව රතු පැහැති පසුබිමක C අකුරක් දිස් වේ නම් බිල්පත Cancel කර ඇති බවත් පෙන්වයි.
එයට පහලින් ඇත්තේ බිල්පත නිකුත්කරන දිනයයි. මෙය ඔබට අවශ්‍ය නම් වෙනස්කල හැකිය.
ඔබ පාරිභෝගිකයාට භාණ්ඩ නිකුත් කිරීමේදී නිකුත්කරන මිල පරාසය සිල්ලර හෝ තොග මිලද යන්න තෝරා ගැනීමටම මෙහි ඇති Type ලෙස සදහන් තැනින් Retail හෝ Wholesale යන්න තෝරාගන්න. මෙහිදී සිදුවනුයේ අප තෝරාගන්නා භාණ්ඩයට නියමකරන මිල ලෙස Retail හෝ Wholesale යන මිලගණන් දෙකෙන් ඒකක් තෝරා ගැනීමය. මෙහි තවත් තෝරාගැනීමක් Stock Transfer ලෙස දක්නට ලැබේ. මෙය භාවිතා කරනුයේ ඔබගේ ව්‍යාපාරයට සම්බන්ද වෙනත් ශාඛාවන් පවතී නම් ඒම ශාඛාවන් වෙතට භාණ්ඩ නිකුක් කිරීම සදහාය. Stock Transfer සිදුකරනුයේ අදාල භාණ්ඩයේ cost price එක මගිනි.
මෙම Type යන්නට පහලින් ඇති Ref. යනුවෙන් සදහන් ස්ථානයෙහි ඔබට යොමු අංකයක් (Reference Number) යෙදිය හැකිය. මෙය අවශ්‍ය වනුයේ ඔබ යම් අවශ්‍යතාවයකට අතින් ලියු බිල්පතක් පාරිභෝගිකයාට ලබාදී ඇතිවිටකදී එම බිල්පත මෙම මෘදුකාංගයට ඇතුලත් කිරීමේදී අතින් ලියූ බිල්පතෙහි ඇති Manual Receipt Number ඒක මෙහි ඇතුලත් කිරීම සදහාය. තවද ඔබ Mobile App එක භාවිතාකර බිල්පත් නිකුත් කරන්නේ නම් Mobile App එකෙහි බිල්පත් අංකය මෙහි පෙන්වයි.
මෙම Ref. යන්නට පහලින් ඇති Quot. යන්න Quotation එකක් බිල්පතට Import කරගැනීමට භාවිතා කල හැකිය. ඒනම් මෙම ස්ථානයෙහි Import කර ගැනීමට අවශ්‍ය Quotation එකෙහි අංකය අතුලත් කර Enter Key එක Press කිරීම මගින් අදාල Quotation ඒක Invoice එකට Import වීම සිදු වේ.
බිල්පත නිකුත්කල යුතු පාරිභෝගිකයාගේ විස්තරය පහත සදහන් ස්ථානයෙහි ඇතුලත් කල හැකිය.
මෙහි ID ලෙස සදහන් ස්ථානයෙහි CASH ලෙස සදහන්ව ඇත. පාරිභෝගික විස්තර බිල්පතට ඇතුලත් කිරීමට අවශ්‍ය නොමැති නම් මෙහි කිසිවක් ඇතුලත් නොකරන්න. ණය බිල්පතක් නිකුත් කරන අවස්ථාවකදී මෙහි CASH ලෙස සදහන් ස්ථානයෙහි අදාල පාරිභෝගිකයා අනන්‍යව හදුනාගැනීමට උපකාරීවන ලෙස ඔහුගේ ජංගම දුරකථන අංකය, ණය සටහන් පොතෙහි අංකය හෝ වෙනත් අංකයක් ඇතුලත් කරන්න. මෙහිදී ඒකම අංකය පාරිභෝගිකයන් දෙදෙනෙකු සදහා භාවිතා නොකරන්න. මෙහි CASH ලෙස සදහන් ස්ථානයෙහි පාරිභෝගිකයාගේ අංකයත් ඉන් පහල ඇති ස්ථානයෙහි ඔහුගේ නමත් ඒ සමග පහලින් ඇති ස්ථානයෙහි පාරිභෝගිකයාගේ ලිපිනයත් ඇතුලත් කල හැකිය. ඔබට අවශ්‍ය නම් ජංගම දුරකථන අංකය සහ නගරයද එහි සදහන් Tel. No. සහ City ලෙස සදහන් ස්ථාන දෙකෙහි ඇතුලත් කල හැකිය.
බිල්පතට අදාල භාණ්ඩ ඇතුලත් කිරීම පහත පරිදි සිදුකල හැකිය
බිල්පතට අදාල භාණ්ඩ ඇතුලත් කිරීම සදහා අදාල භාණ්ඩයෙහි
යන ඔනෑම එකක් භාවිතා කල හැකිය.
Barcode බාවිතා කර බිල්පතට Items ඇතුලත් කිරීම
Barcode බාවිතා කරමින් බිල්පතට Items තෝරාගැනීම ඉතා පහසුවෙන් සිදුකල හැකිය. මේ සදහා අදාල අයිතමය සදහා වන සියලු විස්තර සහ Barcode එක කලින් මෘදුකාංගයට ඇතුලත් කර තැබිය යුතුය. එසේ Barcode එක සහ අනෙකුත් විස්තර මෘදුකාංගයට ඇතුලත් කල අයිතමයක් තෝරාගෙන Barcode Scanner එක මගින් අදාල අයිතමයෙහි Barcode එක පහත පරිදි 1 සහ 2 යනුවෙන් දක්වා ඇති අයිතමය තෝරාගන්න තැන් දෙකෙන් ඔනෑම එකකට Scan කල හැකිය.
මෙහි අංක 1 ලෙස සදහන් ස්ථානයෙහි Barcode එක Scan කලවිටදී අදාල අයිතමය මෘදුකාංගයෙහි කලින් ඇතුලත්තර ඇති අයිතමයක් නම් එක්වරම බිල්පතට ඇතුලත් වේ. නමුත් අංක 2 ලෙස සදහන් ස්ථානයෙහි Barcode එක Scan කල විටදී අදාල අයිතමය එක්වරම බිල්පතට ඇතුලත්වීම වෙනුවට QTY ලෙස සදහන් තැන වෙත Cursor ඒක ගමන් කරයි. මෙම QTY ලෙස සදහන් ස්ථානයෙහි පාරිභෝගිකයා විසින් මිලදී ගන්නා ප්‍රමාණය ඇතුලත් කරන්න. ඉන් පසුව Keyboard එකෙහි Enter Key එක Press කරන්න. දැන් Cursor එක Unit Price ලෙස සදහන් ස්තානය වෙත ගමන් කරයි. එහි අදාල භාණ්ඩයෙහි අවසන් වරට ඇතුලත් කල විකිනුම් මිල පෙන්වයි. එම මිල වෙනස් කිරීමට අවශ්‍ය නම් වෙනස් කර නැවත Enter Key එක Press කිරීම මගින් තෝරාගත් භාණ්ඩය ඇතුලත් කර ප්‍රමාණයෙන් සහ මිලෙන් බිල්පතට ඇතුලත්වීම සිදුවේ. තවද 1 සහ 2 ලෙස සදහන් කල ස්ථාන දෙක අතර මාරුවීම සදහා Keyboard එකෙහි Up සහ Down Arrow Keys භාවිතා කල හැකිය.
බිල්පතෙහි මුලු වටිනාකම වට්ටම් සහ ගෙවීම් විස්තරය මෙම කොටසෙහි සදහන් කල හැකිය
බිල්පත මෘද්‍රණයට අදාල සැකසුම් මෙහි දක්වා ඇත
බිල්පතහෙි සිදුකරන සංස්කරණයන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් සදහා පහත සදහන් එක් එක් Buttons සහ Options භාවිතා කල හැකිය.