Posts

Labtech POS මෘදුකාංගය සහ එහි පහසුකම්

Image
Labtech POS යනු 2016 වසරේදී මුලින්ම එලි දැක්වූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගත් සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන භාශා 3 කින් බිල්පත් නිකුත් කිරීමේ පහසුකම සහිත මෘදුකාංගයකි. වසර 2016 දී එලිදැක්වූ පළමු අනුවාදනයට විවිධ පහසුකම් එක් කරමින් සහ වැඩිදියුණු කරමින් වඩාත් ඵලදායී සහ කාර්යක්ශම බිල්පත් නිකුත් කිරීමේ මෘදුකාංගයක් ලෙස ඔබ වෙත ලබාදීමට මේ වනවිට අපට හැකියාව ලැබී ඇත. මේ වන විටදී මෙම මෘදුකාංගය විවිධාකාර වූ ව්‍යාපාර සදහා භාවිතා කල හැකි පරිදි යාවත්කාලීන කර ඇත. ඉන් කිහිපයක් නම්, ෆාමසි ග්‍රොසරි සහ සිල්ලර භාණ්ඩ වෙළදසැල් හාඩ්වෙයාර් බුක්ශොප් කමියුනිකේෂන් අවන්හල් ජංගම දුරකථන සේවා ස්ථාන පරිඝණක සේවා ස්ථාන ඩිජිටල් කැමරා සේවා ස්ථාන තොග වෙළද මධ්‍යස්ථාන ඩිලිවරි සේවාවන් පේන්ට් ශොප් අවන්හල් මත්පැන් වෙලදසල් ආදිය වේ. මීට අමතරව බිල්පත් නිකුත් කරන ඕනෑම ව්‍යාපාරයක් සදහා මෙම මෘදුකාංගය භාවිතා කල හැකිය. තවද මෙම මෘදුකාංගය සමග සම්බන්ද වන ජංගම දුරකථන යෙදවුම භාවිතයෙන්ද පාරි‌භෝගිකයා වෙත බිල්පත් නිකුත් කිරීම සිදුකල හැකිය. ව්‍යාපාරයක් කළමණාකරනය සදහා අවශ්‍ය වන සුවිශේෂී වු පහසුකම් විශාල සංඛ්‍යාවක් මේ වන විටදී මෙම මෘදුකාංගයට ...

Labtech POS මෘදුකාංගය ස්ථාපනය කිරීම

Image
Labtech POS මෘදුකාංගය ස්ථාපනය කිරීමට ප්‍රථමව ඔබ සතුව ඇති පරිඝණකයෙහි Hardware සහ Software පහත සදහන් අවම ශක්‍යතා මට්ටමෙහිවත් ඇතිද යන්න පිළිබදව සැලකිලිමත් වන්න. මෙම අවම ශක්‍යතා මට්ටමට වඩා පහල මට්ටමක ඇති පරිඝණකයක මෘදුකාංගය ස්ථාපනය කලහොත් බලාපොරොත්තු වන වේගය සහ කාර්යක්ෂමතාවය නොලැබීම සිදුවේ. RAM: 4GB (* 8GB Recommended) HDD: 250 GB SSD Processor: Core i3 මෙහෙයුම් පද්ධතිය තෝරාගැනීමේදී පහත සදහන් මෙහෙයුම් පද්ධතීන් සදහා සහයෝගය දක්වයි Windows 7 SP 1 හෝ SP 2 Windows 10 Windows 11 Windows 8, Windows XP or below versions සදහා සහයෝගය නොදැක්වීම හෝ ස්ථාපනයේදී ගැටලු මතුවීම සිදුවේ. එබැවින් Windows 8, Windows XP or below versions සහිත පරිඝණක Windows 7 SP 1 හෝ SP 2, Windows 10, Windows 11 වෙත යාවත්කාලින කරගැනීමෙන් පසුව Labtech POS මෘදුකාංගය ස්ථාපනය කිරීම ආරම්භ කරන්න. පළමු පියවර  පළමුව https://www.labtechpos.com වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන්න. ඒ සදහා ඔබගේ නම, දුරකථන අංකය, ඊමේල් ලිපිනය සහ මුරපදයක් (Password) අවශ්‍ය වේ. පහත Link එක මගින් ලියාපදිංච්ය ආරම්භ කරන්න. https://www.labtechpos.com/sign-up/#signup ...

නව අයිතයමයන් ඇතුලත් කිරීම (Item Register)

Image
පාරිබෝගිකයාගේ බිල්පතට ඇතුලත්වන සියළුම අයිතමයන් බිලක් නිකුත් කිරීමට පලමුව පද්ධතියට ඇතුලත් කර තැබිය යුතුය. එසේ ඇතුලත් කරන සෑම අයිතමයකටම එකිනෙකට වෙනස් හදුනාගැනීමේ කේතයක් තිබීම අනිවාර්ය වේ. මෙම හදුනාගැනීමේ කේතය සදහා අයිතමයෙහි මුද්‍රණය කර ඇති බාකෝඩ් අංකයද භාවිතා කල හැකිය. එලෙස අයිතමයෙහි මුද්‍රණය කර ඇති බාකෝඩ් අංකය භාවිතා කරන්නේ නම් බාකෝඩ් ස්කෑනරයක් භාවිතා කර බිල් පතට ඇතුලත් කිරීම සදහා අයිතමය තෝරාගැනීම ඉතා පහසුවෙන් කල හැකිය. අයිතමයේ හදුනාගැනීමේ කේතය ඇතුලත් කිරීමේදී, භාණ්ඩ වර්ග දෙකක් සදහා එකම හදුනාගැනිමේ කේතය භාවිතා කල නොහැකිය. භාණ්ඩයේ මුද්‍රණය කර ඇති බාකෝඩ් අංකය භාවිතා කල හැකිය. ඔබට කැමති අංක හෝ අකුරු භාවිතා කර එකිනෙකට වෙනස් කේතයන් සකස් කරගත හැකිය. අංක 0000000000 සිට 9999999999 දක්වා ඉලක්කම් 10ක දිගකින් යුතු අංක මෙම කේතය සදහා භාවිතා කල නොහැකිය. (ඉල්ල්ම් 10කට අඩු හෝ වැඩි දිගින් යුතු අංක භාවිතය ගත හැකිය. උදා 1, 2, 001, 1258, 1234567891011 ආදී වශයෙන්) 0000 මෙම කේතය සදහා භාවිතා කල නොහැකිය. * (තරු සලකුණ)  මෙම කේතය සදහා භාවිතා කල නොහැකිය. බාකෝඩ් නොමැති අයිතමයන් සදහා හදුනාගැනීමේ කේත සකස් කිරී...