ඇතුලත්කර ඇති අයිතමයක විස්තර වෙනස් කිරීම
දැනටමත් පද්ධතියට ඇතුලත් කර ඇති අයිතමයක විස්තර වෙනස් කිරීම පහත පරිදි සිදුකල හැකිය. ඒ සදහා මෘදුකාංගයේ පහත මෙනුවට පිවිසෙන්න. File > Register > Items > Add New or Update එහිදී පහත වින්ඩෝව විවෘත වේ. එහි ඔබට වෙනස් කල යුතු අයිතමය තෝරාගත යුතුය. ඒ සදහා ක්‍රම දෙකක් ඇත. පළමු ක්‍රමය නම් අදාල භාණ්ඩයේ හදුනාගැනීමේ කේතය Item Code ලෙස සදහන් ස්ථානයෙහි ඇතුලත් කර Keyboard එකෙහි Enter key එක press කර අවශ්‍ය අයිතමය තෝරාගැනීමයි. අයිතමයෙහි හදුනාගැනීමේ කේතය සොයාගත නොහැකි නම් හෝ අමතකව ඇත්නම් එහි නමින් අයිතමය සොයාගැනීම සිදුකල හැකිය. ඒ සදහා ඉහත සදහන් වින්ඩෝවෙහි පහලින්ම ඇති Search ලෙස සදහන් Button එක ක්ලික් කරන්න. ඉන් පසුව පහත පරිදි තවත් වින්ඩෝවක් Open වේ. එහි කොළ පැහැති පසුබිම් වර්ණයක් සහිත ස්ථානයෙහි අදාල අයිතමයෙහි නම ඇතුලත් කිරීම සිදු කරන්න විට ඒ හා සමානව ඇති අයිතම සියල්ලම එහි පහලින් ඇති ලැයිස්තුවෙහි දැකගත හැකිය. එයින් අදාල අයිතමට මත Double Click කිරීම හෝ Key Board එක භාවිතා කරන්නේ නම් Up, Down arrow keys භාවිතා කර අයිතමට ලැයිස්තුවෙන් තෝරා ගෙන Enter key එක press කිරීම සිදු කරන්න...